තාප තරංග හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 28 ක් ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

තාප තරංග හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 28 ක් ජීවිතක්ෂයට

June 18, 2019   11:43 am

ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයට බලපා ඇති තාප තරංග කාලගුණික තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් විසි අට දෙනෙක් මියගොස් තිබේ.

ඔවුන්ගෙන් බහුතරය වයස්ගත පුද්ගලයන් බව රෝහල් වාර්තාවල දැක්වෙයි.

තාප තරංග කාලගුණයෙන් බිහාර් ප්‍රාන්තයේ පාසැල් ඇතුළු අධ්‍යාපන ආයතන වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙම කාලගුණයෙන් රෝගීවූ සියයකට අධික පිරිසක් රෝහල් ගතකර ඇතැයිද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඔවුන්ගෙන් වැඩිපිරිස වයස අවුරුදු 55ත් 60ත් අතර පසුවන එමෙන්ම කඳුකර ප්‍රදේශවල වාසය කරන අය බවයි රෝහල් වාර්තා ප්‍රකාශ කළේය.

රෝගී වූ පිරිස විශාල සිසිලන යන්ත්‍ර ඉදිරිපිට රඳවා තැබීමටත් රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මෙම තාප තරංග කාලගුණය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් බොහෝ පිරිසක් මියයන බවත් එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

2015 වර්ෂයේදී තාප තරංග කාලගුණයට ගොදුරු වීමෙන් ඉන්දියාවේ මරණ දෙදහසකට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.