පාකිස්ථානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ මුහුණූ පූස් මූණු වුණ හැටි
සයුරෙන් එතෙර

පාකිස්ථානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ මුහුණූ පූස් මූණු වුණ හැටි

June 17, 2019   05:48 pm

පාකිස්ථානයේ රාජ්‍ය දේශපාන සභා රැස්වීමක් ෆේස් බුක් හරහා සජීවීව විකාශනය කිරිමේදි බලලෙක්ගේ ඡායාරූප පෙන්නුම්කරන රූප (cat filter)එම විකාශනයට එකතු වි ඇත.

මෙම රූප එම සභාව ඇමතු මන්ත්‍රීවරුන්ගේ මුහුණු වලට එකතු වීම නිසා අදාල සජීවී විකාශනයට අදහස් දන්වමින් එය නැරඹු පිරිස ඒ බව දන්වා ඇත.

පසුව එම විනෝද ජනක රූප එකතුවීම නතර කිරීමට අදාල නිළධාරින් කටයුතු කර ඇත.

ඔවුන් පවසා ඇත්තේ එවැනි නොදැනුවත්ව සිදු වී ඇති බවත් එවැනි වරදක් මතු දිනකදි සිදු නොවන්නට වගබලා ගන්නා බවයි.

නමුත් එම විනෝද ජනක රූප ඇතුලත් අදාල විඩියෝ දර්ශනය විශාල පිරිසක් අතර පැතිරි ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.