පාකිස්ථානය පරදා ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන තැනට

පාකිස්ථානය පරදා ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන තැනට

June 17, 2019   02:31 pm

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3ට  ටවුන්ටන්හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එංගලන්තයේ මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම  නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 336ක්.

ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් පළමු කඩුල්ල සඳහා ලකුණු 136ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

දෙවන කඩුල්ලට රෝහිත් ශර්මා සමඟින් එක් වු විරාත් කෝලි ලකුණු 98ක සබඳතාවයක් ගොඩනැගු අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා පන්දු 113කදී රැස් කල ලකුණු සංඛ්‍යාව 140ක්.

විරාත් කෝලි ලකුණු 77යි.

ඉන්දීය ඉනිමේ 46 වන පන්දුවාරයේදී තරගයට වාර්ෂාවෙන් බාධ එල්ල වුවත් යලිත් තරගය ආරම්භ වු අතර පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් ලකුණූ 47කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

ලකුණු  337ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වු අතර දෙවන කඩුල්ල සඳහා බාබර් අසාම් සමඟින් ෆකාර් සමාන් එක්ව ගොඩනැගූ සබඳතාවය ලකුණූ 104ක්.

බාබර් අසාම්ගේ දැවී යාමෙන් පසු පාකිස්තාන ඉනිම බිඳ වැටීම ආරම්භ වු අතර ලකුණු 12ක් තුළදී පාකිස්තාන පිතිකරුවන් තිදෙනෙකුට නැවතත් ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කර දීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වෙතත් තරගයේ පාකිස්තාන ඉනිමටද වාර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පන්දුවාර 40කට සීමට වුණේ ජයග්‍රාහණය සඳහා පාකිස්තානයට ලකුණූ 302ක ඉලක්කයන් ලබා දෙමින්.

එම ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 212ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.