අවසන් පූර්ව වටයට යන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක්?

අවසන් පූර්ව වටයට යන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක්?

June 17, 2019   02:01 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කර පන්දුවාර 50 ක්‍රීඩා කළහොත් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් තිබෙන බව ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා පවසයි.

අද දෙරණ 24 නාලිකාවේ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

නවසීලන්ත කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව කණ්ඩායම අතර පැවැති තරගවලදී 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතරම් දක්ෂතා නොපෙන්වූ බව රොෂාන් අබේසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැනට ඇති ගැටළුව වන්නේ මැද පෙළ පිතිකරන ලැයිස්තුවක් බවත් ආම්භක පිතිකරුවන් ඉතා හොඳින් තරග කරන බවත් ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ වර්ශාව හේතුවෙන් ජය ගත හැකි හොඳ අවස්ථාවන් දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමට මඟහැරුනු බවයි.