ඉන්දීය-පාකිස්ථාන් තරගයේ ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට ලක්ෂ 7කට අධික අයදුම්පත්

ඉන්දීය-පාකිස්ථාන් තරගයේ ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට ලක්ෂ 7කට අධික අයදුම්පත්

June 16, 2019   04:56 pm

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා ලක්ෂ 07කට අධික අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී තිබූ බව වාර්තා වේ.

මැන්චෙස්ටර්හිදී අද (16) පැවැත්වෙන තරගය මෙවර තරගාවලියේ වැඩිම අවධානයට ලක් වූ තරගය ලෙස සැලකෙන අතර රූපවාහිනිය ඔස්සේ බිලියනයකට අධික පිරිසක් මෙම තරගය නරඹනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේය.

තරගය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින් රැගත් පෞද්ගලික ගුවන් යානා 10ක් පමණ මැන්චෙස්ටර් ගුවන්තොටුපලට අද දිනයේ පැමිණෙනු ඇති බවට ද වාර්තා වේ.

කෙසේවෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීමේ අවදානමක් පවතින බව ද සදහන්.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එම කණ්ඩායම් අතර තරගය සෑම ලෝක කුසලාන තරගාවලියකදීම වැඩිම අවධානයට ලක්වන තරගය ලෙස  සැලකෙයි.

ලෝක කුසලාන තරගාවලි 06කදී ඉන්දියාව සහ පාකිස්ථානය එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති අතර එම තරග හයම ජයගැනීමට සමත්ව ඇත්තේ ඉන්දීය කණ්ඩායම යි.