සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට - 30ක් අතුරුදන්
සයුරෙන් එතෙර

සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට - 30ක් අතුරුදන්

June 12, 2019   02:01 pm

වෙනිසියුලාවේ සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතුරුදන්ව ඇත.

සංක්‍රමණිකයින් රැගත් අදාල යාත්‍රාව එරට ඊසාන දිග වෙරළ තීරයෙන් පසුගිය සිකුරාදා දිනයේ පිටත්ව ගොස් තිබුණි.

කෙසේවෙතත් මේ වන තෙක් යාත්‍රාවේ සිටි කිසිදු පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බව වාර්තා වෙයි.

අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මල සිරුරක් කියුරාකාඕ වෙරළ තීරයේ තිබී වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.