ජපාන අගමැති අද ඉරානයේ සංචාරයක
සයුරෙන් එතෙර

ජපාන අගමැති අද ඉරානයේ සංචාරයක

June 12, 2019   01:52 pm

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අද (12) ඉරානයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

දෙරටේ ජාත්‍යන්තර සම්බාධක හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරනු ඇති බව සඳහන්ය.

දශක හතරකට පසු ජපාන අග්‍රාමාත්‍යවරයෙකු ඉරානයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වෙයි.

ෂින්සෝ අබේ මහතා සංචාරය අතරතුර ඉරාන ජනාධිපති හසාන් රැහානි සහ අග්‍රාමාත්‍ය අයාතලාහ් අලි කමේනි සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.