නෙදර්ලන්ත කාන්තාවන්ට ජයක්

නෙදර්ලන්ත කාන්තාවන්ට ජයක්

June 12, 2019   11:49 am

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ (11) පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට නෙදර්ලන්ත පාපන්දු කණ්ඩායම සමත් වුණි.

ඒ නවසීලන්ත පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙවර තරගාවලියේ E කාණ්ඩය යටතේ නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර මෙම තරගය පැවැත්වුණි.

ඒ අනුව ආරම්භ වු තරගයේ පළමු අර්ධයේදි නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ගෝල වාර්තා කිරීමට තිබූ පහසු අවස්ථාවන් දෙකක් ගිලිහී ගියේය.

නෙදර්ලන්ත කාන්තා පාපන්දු කණ්ඩායමටද එම අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට තිබූ පහසු අවස්ථාවක් ගිලිහුණි.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය ගෝල 0ට 0ක් ලෙස අවසන් වුණි.

තරගයේ දෙවන අර්ධයේදිද දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකි වු අතර එම අර්ධයේදීද දෙපිලේ ක්‍රීඩිකාවන්ට ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථාවන් කිහිපයක් ගිලිහී ගියේය.

කෙසේ වෙතත් තරගයේ ලබා දුන් අතිරේක කාලයේදී ක්‍රියාත්මක වු නෙදර්ලන්ත ක්‍රීඩිකාවන් ගෝලයක් සාර්ථක කරගත්තේ තරගයේ ජය ගෝල 1ට 0ක් ලෙස තමන් සතු කරගනිමිනි.