මාලි ජනයාට ජනපතිගෙන් ඉල්ලීමක්
සයුරෙන් එතෙර

මාලි ජනයාට ජනපතිගෙන් ඉල්ලීමක්

June 12, 2019   11:39 am

සන්සුන් මනසකින් කටයුතු කරන ලෙස මාලි රාජ්‍යයේ ජනාධිපතිවරයා එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු මේ බව පැවසුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය අමතමිනි.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ මධ්‍යම මාලිහි කුඩා ගම්මානයක් ඉලක්ක කර එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයකින් පුද්ගලයින් 95දෙනෙක් ඝාතනය වීමෙන් අනතුරුවයි.

ජාතියක් වශයෙන් අන් කවරදාටත් වඩා සන්සුන්ව සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ඊබ්‍රාහිම් බොව්බකර් කෙයිටා මෙහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ කම්කරු සමුලුවට එක්වීම සදහා අප්‍රිකානු රාජ්‍ය නායකයන් සමඟින් මාලි ජනාධිපතිවරයාද ස්විට්සර්ලන්තය වෙත පැමිණියේය.

අදාළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සැලවීමෙන් අනතුරුව සිය නිල සංචාරය කඩිනමින් අවසන් කරමින් නැවත සියරටබලා පැමිණීමට ඔහු තීරණය කර ඇත.

ගෝත්‍රික කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මාලි රාජ්‍යයේ මෙවන් ගැටුම් සුලබයි.

ඩොගොන් ගෝත්‍රික ගම්මානය ඉලක්ක කර මෙවර ප්‍රහාරය දියත්කර ඇතතේ ෆුලානි නම් ගෝත්‍රික කණ්ඩායමකි.

ඝාතනයට ලක්වූ පිරිසෙන් 24දෛනක් දරුවන් වන අතර ඉතාමත් ම්ලේච්ඡ අන්දමින් පිටුපසින් පැමිණ වෙඩිතබා ඔවුන් ඝාතනය කර ඇති බවත් අනාවරණය වී ඇත.

පසුගිය මාර්තු මාසයේදී ද මෙලෙස ගම්මානයකට කඩාවැදුණු අවිගත් පිරිසක් එල්ලකළ ප්‍රහාරයකින් 150කට ආසන්න ෆුනානි ගෝත්‍රිකයන් පිරිසක් මිය ගියේය.

එය සැලකෙන්නේ එරට ඉතිහාසයේ සිදුවූ කුරිරුතම ප්‍රහාරය ලෙසයි.