ඉන්ධන ප්‍රවාහන නෞකාවක ගින්නක්
සයුරෙන් එතෙර

ඉන්ධන ප්‍රවාහන නෞකාවක ගින්නක්

June 12, 2019   10:50 am

රුසියාවේ වරායක නැංගුරම්ලා තිබූ නෞකාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගියේය.

මෙසේ ගිනිගෙන ඇත්තේ ඉන්ධන ප්‍රවාහන නෞකාවකි.

රුසියානු ඉන්ධන ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

මෙම පිපිරීම සිදුව ඇත්තේ අදාළ නෞකාව රුසියාවේ මකාච්කලා වෙරළ නගරයේ පිහිටි කැසපියන් වරායේ නැංගූරම්ලා තිබියදීයි.

අදාළ යාත්‍රාව මඟින් ප්‍රවාහනය කළ ඉන්ධන ගොඩබාමින් තිබියදී ගින්න හටගෙන ඇති බවට රුසියානු වාර්තා පවසයි.

මෙසේ ගිනිගෙන ඇත්තේ දැවැන්ත නැව් සමාගමක් වන වොල්ගා නාවික සමාගමට අයත් VF ටෑන්කර් 16නම් යාත්‍රාවයි.

මේ අතර සිදුවීම සලකා වරාය මෙහෙයුම් පර්යන්තයේ ඉන්ධන ගොඩබැස්වීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර ඇත.

අනතුරට හේතු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.