තරගය අතහැර දමයි-දෙපිලටම ප්‍රසාද ලකුණූ

තරගය අතහැර දමයි-දෙපිලටම ප්‍රසාද ලකුණූ

June 11, 2019   01:18 pm

ලෝක කුසලාන එක්දින තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර  පැවැති  තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ඒ අනුව කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු එක බැගින් හිමි වු අතර එත් සමඟම කොදෙව් කණ්ඩායම මේ වන විය ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයට පත්ව සිටියි.

සදම්ප්ටන් හීදී ආරම්භ වු කොදෙව්,දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිලේ පළමු කඩුළු දෙක ලකුණු 28ක් තුළදී දැවි ගියේය.

තරගයේ 8 වැනි පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වු අතර එම නිසා අත්හැර දැමු තරගය නැවත ආරම්භ වුණේ නැත.

ඒ අනුව දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමි විය.

කොදෙව් පිල මීලග තරගය වෙනුවෙන් එළඹෙන 14 වැනිදා එංගලන්තය සමග තරග වදින අතර දකුණු අප්‍රිකාව ඇෆ්ගනිස්තානය සමග තරග වැදීමට නියමිතයි.