නවසීලන්තයට කඩුළු 7ක ජයක්

නවසීලන්තයට කඩුළු 7ක ජයක්

June 9, 2019   12:56 pm

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (07) පැවති තරගයකින් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණි.

ඒ ඇෆ්ගනිස්තානය පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තය ප්‍රතමයෙන් පන්දු රැකීමට තීරණය කලේය.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානයේ පළමු කඩුල්ල ලකුණු 66කදී දැවි ගිය අතර එතැන් පටන් තවත් කඩුළු 2ක් ලකුණු 66ක් තුළදි දැවී ගියේය.

සිව්වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ගුලබ්දීන් නබී ට ද කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වීමට හැකි නොවු අතර ඇෆ්ගනිස්තාන ඉනිමේ ලකුණු පුවරුව 70ක් ලෙස සටහන් වන විට ඔහු දැවි ගියේය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය, නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණ තත්වයක සිටි අතර පන්දුවාර 41යි එක් පන්දුවක දී සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 172ක් පමණකි.

හස්මතුල්ලා ෂහිඩි ලකුණු 59යි.

ජේම්ස් නීෂම් ලකුණු 31කදී කඩුළු 5ක් දවා ගත් අතර ලුකි ෆර්ගසන් කඩුළු 4ක් දවා ගත්තේය.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත  පිලේ පළමු කඩුල්ල නවසීලන්ත ලකුණු පුවරුව 0 ලෙස සටහන් වන විට දැවි ගියේය.

ඉන්පසු නවසීලන්ත පිලේ දෙවන කඩුල්ල ලකුණු 41කදී දැවි ගියත් ඔවුන් ජයග්‍රාහි මාවතට පැමිණියේය.

ඒ අනුව පන්දුවාර 32 යි එක් පන්දුවකදී කඩුළු 3ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියේය.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ නවසීලන්තය පසුවන අතර තුන්වන ස්ථානයේ පසු වු ශ්‍රී ලංකා කන්ඩායම සිව්වන ස්ථානය දක්වා පසුබැස ඇත.