වෙසක් සමයේ කළ වැටලීම් වලින් 500ක් අත්අඩංගුවට

වෙසක් සමයේ කළ වැටලීම් වලින් 500ක් අත්අඩංගුවට

May 19, 2019   02:40 pm

මෙවර වෙසක් සමය නිමිත්තෙන් දීප ව්‍යාප්ත සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 500 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 17වන දින සිට මේ දක්වා කාළය තුළ සිදුකළ වැටලීම් වලින් මොවුන් අත්අඩංගුවට ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහිදී රුපියල් දසලක්ෂ හතරකට ආසන්න වටිනාමින් යුත් මත්පැන්, ස්ප්‍රිතු, ගෝඩා සහ මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ සිය භාරයට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මිට අමතරව වෙසක් පොහෝ දින මත්පැන් අලෙවියේ යෙදී සිටි කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් මුද්‍රා තැබීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

ඉදිරියටත් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක අතර 011 204 50 77 හා 011 219 21 92 යන දුරකථන අංක වලට හෝ 011 287 78 82 යන ෆැක්ස් අංකයට මේ සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිළි ඉදිරිපත් කළ හැකි බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.