යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටෙයි-පුද්ගලයෙක් මරුට-5කට තුවාල

යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටෙයි-පුද්ගලයෙක් මරුට-5කට තුවාල

May 19, 2019   01:16 pm

අම්බලන්ගොඩ-ඇල්පිටිය මාර්ගයේ වතුගෙදර, ඇරවාවිල ප්‍රදේශයේදි  සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයෙ(18) රාත්‍රී 9.30ට පමණ මෙම අනනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

තුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු ඇති බව වාර්තා වෙයි.

අදාළ යතුරුපැදි දෙකෙහි පුද්ගලයින් හයදෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූවන් පස්දෙනෙකු රෝහල්ගතකර තිබේ.

මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ ලෙස තුවාලලැබූ එක් අයෙකු ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකරු යැවූ බව වාර්තා වෙයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කරන්දෙණිය පිහිඹියා කන්ද ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ඉලන්දාරි දේවගේ වසන්ත නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන්දෙනිය පොලීසිය විසින් සිදු කරයි.