ජීවන වියදම ඉහළ ගිය හේතුව රාජිත කියයි

ජීවන වියදම ඉහළ ගිය හේතුව රාජිත කියයි

May 19, 2019   12:18 pm

පවතින වෘත්තීය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අතුරු වෛද්‍ය සේවාවේ විවිධ තනතුරු සඳහා නව පත්වීම්ලාභීන් 140 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී මෙම පත්වීම් උත්සවය පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

 “සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති ඉල්ලීම් බොහොමයක් ඉටු කිරීමට මම පියවර ගෙන තිබෙනවා. ඇතැම් ඉල්ලීම් ඉටු කිරීමට අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර පියවර ගත්තා. 

වත්මන් රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවූවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින්ට තවත් රුපියල් 3000 ක වැටප් වැඩිවීමක් හිමි වුනා. 

මෙම සියලු වැටුප් වැඩිවීම් ලබාගෙන තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජන දියත් කරන්නේ. වර්තමානයේ ජීවන වියදම වැඩියි කියා චෝදනාවක් එල්ලවෙනවා. 

නමුත් ජීවන වියදම් සාධක වන කෑමබීම, ඇදුම් පැලදුම් වලට වඩා දුරකථන, රථවාහන, මිලදි ගැනීම නිසා ජීවන වියදම ඉහළ ගොස් තිබෙනවා.”