ඔයින් මෝර්ගන්ට තරග තහනමක්

ඔයින් මෝර්ගන්ට තරග තහනමක්

May 16, 2019   04:40 pm

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් හට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක තහනමක් පනවා ඇත.

ඒ පාකිස්තානය සමඟ පැවැති තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙනි.

එංගලන්ත සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් හට එක් තරගයක තහනමක් සහ තරග මුදලින් සියයයට 40ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

එසේම එංගලන්ත කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් හටද සිය තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමට ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔයින් මෝගර් එංගලන්තය සහ පාකිස්තානය අතර හෙට (17) නොටෝන්හැම් හීදී පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගය මඟහැරෙනු ඇත.

ඔයින් මෝර්ගන් මීට පෙර ද එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර බාර්බඩෝස්හිදී පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකදී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීමේ වරදට හසුවී ඇත.