පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ජයක්

පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ජයක්

May 16, 2019   11:12 am

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 07කින් ජය ගැනිමට සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමත්ව ඇත.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථාන කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණූ 119ක් ලබා ගැනිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.