බංග්ලාදේශය තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට

බංග්ලාදේශය තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට

May 16, 2019   09:18 am

අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණි.

එම ජයග්‍රාහණයත් සමඟින් තුන්කොන් තරගාවලියේ අවසන් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය.

ඩබ්ලින් නුවර පැවැති තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 292කි.

අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටාර්ලින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 130ක් රැස් කළ අතර විලියම් පෝර්ටර්ෆීල්ඩ් ලකුණු 94ක් රැස් කිරීමට සමත් වුණි.

පන්දු යැවීමේදී අබු ජයෙඩ් ලකුණු 58කට කඩුලු 5ක් දැවි ගත්තේය.

ලකුණු 293ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියායේය.

බංග්ලාදේශය වෙනුවෙන් ලිටන් ඩාස් ලකුණු 76ක් සහ තමීම් ඉක්බාල් ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණි.

ෂකිබ් අල් හසන් ලකුණු 50යි.