සුඩාන අර්බුදය උග්‍ර අතට
සයුරෙන් එතෙර

සුඩාන අර්බුදය උග්‍ර අතට

April 15, 2019   11:31 am

අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගන්නා ලෙසට ඉල්ලමින් සුඩාන ජනතාව මේ  වන විට විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම විරෝධතා ආරම්භවිමත් සමග සුඩාන අර්බුදය උග්‍ර අතට පත්ව ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් සුඩාන  හමුදා කවුන්සිලයේ සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා බවත් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු නොකරන බවත් එරට බලධාරින් පොරොන්දු වී තිබේ.

විරෝධතාකරුවන් පවසා ඇත්තේ සිවිල් පාලනයක් සඳහා අවශ්‍ය පියවර ගන්නා තෙක් තමන් විරෝධතාවයේ නිරත වන බවයි.