IPL තරගාවලියේ පෙරමුණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

IPL තරගාවලියේ පෙරමුණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

April 15, 2019   11:23 am

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(15) පැවැති තරගය ජය ගනිමින් මෙවර තරගාවලියේ පෙරමුණ තහවුරු කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණි.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්ය.

කොල්කටාහි පැවැති තරගයේ කාසිය වාසිය දිනූ චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 161කි.

කොල්කටා පිල වෙනුවෙන් ක්‍රිස් ලින් ලකුණු 82ක් රැස් කිරීමට සමත් වුණි.

විශිෂ්ට පන්දු යැවීමක නිතර වු ඉම්රාන් තහීර් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත්තේය.

ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් රයිනා නොදැවී ලකුණු 58ක් රැස් කළේය.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වු තරග 8න් 7ක් ගෙන තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.