ලක්ෂ 4ක ගංජා තොගක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ලක්ෂ 4ක ගංජා තොගක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

April 15, 2019   10:39 am

අළෙවිය සඳහා සූදානම්කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අනුරාධපුර තන්නායන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔහු සතුව තිබූ කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 4කට අධික බවයි.

කිලිනොච්චියේ සිට අනුරාධපුරය දක්වා කේරළ ගංජා රැගෙන විත් අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව අනුරාධපුර පොලීසියට ලද තොරතුරක් මත ඊයේ(14) මෙම වැටළීම සිදු කර තිබුණි.

එහිදී අදාළ සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500 ක් හමුවුණි.

සැකකරු 42 හැවිරිදි වියේ පසුවන තන්නායන්කුලම ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු  වන අතර ඔහු අද(15) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.