වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහලට

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහලට

April 15, 2019   08:14 am

ගෝනගංආර පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද(15) අළුයම 1.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු ඇති බව පොලීසිය පවසයි. 

අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා මොණරාගල සිරිගල රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සමඟ මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන ගිනි අවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.