කොළඹට එන්න අද සිට යළිත් ප්‍රවාහන සේවා

කොළඹට එන්න අද සිට යළිත් ප්‍රවාහන සේවා

April 15, 2019   07:03 am

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිම සඳහා අද(15) දිනයේ සිට ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන බලධාරින් පවසයි.

නැතැක් චාරිත්‍රවලින් අනතුරුව ඊයේ(14) දිනයේ සිට ලංගම බස් රථ සේවා ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වට පත් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය.

කෙටි දුර ගමන් සේවාවලට මෙන්ම දිගු දුර ගමන් සඳහා ද මේ වන විට ප්‍රවාහයන සේවා ක්‍රියාත්මක වන බව  එම මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර අද දිනයේ සිට දුම්රිය සේවාවද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය ගමන ගමන අදිකාර එස්.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට සාමාන්‍ය පරිදි රථ වාහක ධාවන කටයුතු සිදු කෙරෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.