යාපනයේ බෝට්ටුවක් ගිනි තැබු අයෙක් අත්අඩංගුවට

යාපනයේ බෝට්ටුවක් ගිනි තැබු අයෙක් අත්අඩංගුවට

April 14, 2019   10:13 pm

යාපනය, පේදුරුතුඩුව, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ වෙරළේ තිබු බෝට්ටුවක් ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අද(14) අත්අඩංගුවට ගත් බව යාපනය පේදුරුතුඩුව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ වෙරළේ නවතා තිබු බෝට්ටුවක් ඊයේ(13) සවස කිසියම් තැනැත්තෙකු විසින් ගිනි තබා ඇති බවට ලද පැමිණිල්ලක් මත සැකපිට අයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය පැවසුවේ ගිනි තැබීම හේතුවෙන් බෝට්ටුව සම්පූර්ණයෙන් ගිනි ගෙන ඇති අතර, ප්‍රදේශයේ ධීවර ජනතාව සිදුකළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ  මෙහෙයවයි.