රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්

April 14, 2019   09:16 am

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකරගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ(13) සමත් වුණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 187ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් ක්වින්ටන් ඩී කොක් ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් තුළ දී කඩුලු 06ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

එම ඉනිම වෙනුවෙන් ජොස් බට්ලර් ලකුණු 89ක් ලබා ගැනීමට සමත් වුණි.