යුක්‍රේන තානාපතිවරයා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට
සයුරෙන් එතෙර

යුක්‍රේන තානාපතිවරයා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

April 14, 2019   09:03 am

ලන්ඩනයේ යුක්‍රේන තානාපතිවරයාගේ මෝටර් රථය අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තානාපති කාර්යාල පරිශ්‍රයේ නවතා තිබූ තනාපතිවරයාගේ මෝටර් රථය සහ තවත් මෝටර් රථ කිහිපයක් අනතුරට ලක් කර සැකකරු පළායාමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි ඔහු ගමන් ගත් මෝටර් රථය අවහිර කර පොලීසිය විසින් වෙඩි ප්‍රාහර එල්ල කර තිබේ.

වෙඩි ප්‍රහාරවලින් සැකකරුට හානියක් සිදුව නොමැති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවට ද එරට පොලීසිය විසින් කරුණු අනාවරණය කර තිබේ.