ලොව ලොකුම ගුවන් යානය ගුවන්ගත වෙයි
සයුරෙන් එතෙර

ලොව ලොකුම ගුවන් යානය ගුවන්ගත වෙයි

April 14, 2019   07:18 am

ලොව විශාලතම පියාපත් සහිත ගුවන් යානය ගුවන්ගත කර තිබේ.

ඊයේ(13) දිනයේ කැලිෆෝනියාවේදී මෙම ගුවන් යානය ගුවන් ගත කිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්ට්‍රැටෝලොන්ච් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානයේ පියාපත්හි දිග අඩි 385ක වන බවයි වාර්තා වෙයි.

2011 වර්ෂයේ දී නිෂ්පාදනය කිරීම ආරම්භ වූ මෙම ගුවන් යානය එන්ජින් 06කින් සමන්විත බව වාර්තා වෙයි.

පැයට කිලෝමීටර් 274ක වේගයෙන් ගමන් කළ හැකි මෙම ගුවන් යානයට මීටර් 7572ක උසකින් පියාසර කිරීමේ හැකියාව ද පවතී.