දිල්ලි කැපිටල් කණ්ඩායමට විශිෂ්ට ජයක්

දිල්ලි කැපිටල් කණ්ඩායමට විශිෂ්ට ජයක්

April 13, 2019   12:12 pm

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(12) පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට දිල්ලි කැපිටල් කණ්ඩායම සමත් වුණි.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්ය.

කොල්කටා හිදී පැවැති තරගයේ කාසිය වාසිය දිනූ දිල්ලි කැපිටල් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස් කිරීමට සමත් වුණි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ෂුබ්මන් ගිල් ලකුණු 65ක් සහ ඇන්ඩ්‍රි රසල් ලකුණු 45ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ක්‍රිස් මොරිස්, කාගිසෝ රබාඩා සහ කීමෝ පෝල් කඩුලු 2බැගින් දවා ගත්තේය.

ලකුණු 179ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය දිල්ලි කැපිටල් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදි කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශිකර් ධවාන් පන්දු 63කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 97කි.

රිෂාබ පාන්ට් පන්ට් ලකුණු 46යි.