පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 16ක් මරුට
සයුරෙන් එතෙර

පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 16ක් මරුට

April 13, 2019   12:03 pm

පාකිස්තානයේ වෙළෙදපොළක් සමීපයේදී සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් තිබේ.

ක්වෙට්ටා හි හසාර් ගන්ජි වෙළෙදපොළේ අල ගෝනි අතර සගවා තිබූ බෝම්බය පුපුරායාමෙන් මියගිය පිරිසෙන් බහුතරය හසාරාස් ස්වදේශිකයන් බව වාර්තා වෙයි.

සිදුවීමෙන් තවත් 30දෙනෙක් තුවාල ලැබූ අතර හසාරාස් ස්වදේශිකයන් ඉලක්ක කරමින් මේ වසරේ දී එල්ල වූ පළමු ප්‍රහාරය මෙයයි.

පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ ජීවත්වන හසාරාස් ස්වදේශිකයන් නිරන්තරයෙන් තලෙයිබාන් සංවිධානයේ, ඉස්ලාමීය ත්‍රස්තයන්ගේ සහ සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වන පිරිසකි.

2013 වසරේදී හසාරාස් ස්වදේශිකයන් ඉලක්ක කළ බෝම්බ ප්‍රහාර මාලාවකින් 200කට අධික පිරිසක් මියගියේය.

ෙකෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නොමැති බව වාර්තා වෙයි.