යුද්ධයකට නොයන්නැයි පාප් වහස්සේ නායකයින්ගේ දෙපතුල් සිප ගනී
සයුරෙන් එතෙර

යුද්ධයකට නොයන්නැයි පාප් වහස්සේ නායකයින්ගේ දෙපතුල් සිප ගනී

April 12, 2019   01:21 pm

සිවිල් යුද්ධයකට නොයන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් කළ ඉල්ලීමක් පිළිබඳව මේ වන විට ලොවපුරා අවධානය යොමු වී තිබේ.

දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් පාප් වහන්සේ මෙම ඉල්ලීම සිදුකර තිබුණි.

වතිකානුවට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, හිටපු උප ජනාධිපති රෙයික් මචාර් සහ තවත් නායකයන් පිරිසකගෙන් පාප් වහන්සේ මෙම ඉල්ලීම කර තිබුණි.

එහිදී  උන්වහන්සේ මේ සියලු දෙනාගේම දෙපතුල් සිප ගනිමින් සාමය වෙනුවෙන් එක්වන ලෙස ආයාචනා කර සිටියේය.

පාප් වහන්සේ දැක්වූ ඉල්ලීමට ගෞරව කරමින් කඩිනමින් එක්සත් රජයයක් පිහිටුවා ගැනීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තැබීමටත් පිරිස කටයුතු කළේය.

එක්ව ඉදිරියට යායුතු බවත්, කෙතරම් අර්බුද උදාවුවත්, නොබියව ඉදිරියට ගොස් ප්‍රශ්න විසඳාගත යුතු බවත් පාප් වහන්සේ මෙහිදී ප්‍රකාශ කර තිබේ.