අමෙරිකාවේ කුණාටුවලින් ප්‍රදේශ කීපයකට බලපෑම්
සයුරෙන් එතෙර

අමෙරිකාවේ කුණාටුවලින් ප්‍රදේශ කීපයකට බලපෑම්

April 12, 2019   11:49 am

අමෙරිකාවේ මධ්‍යම තැනිතලාවට ඊයේ(11) ප්‍රබල කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබුණි.

ඒ සමඟ ඇතැම් ප්‍රදේශවල දැඩි හිම පතනයක්ද දක්නට ලැබුණු බව වාර්තා විය.

කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ලවී තිබුණේ නෙබ්‍රෙස්කා, දකුණු ඩකෝටා, මිනසෝටා, විස්කොන්සින් යන ප්‍රාන්තවලටයි.

මිචිගන් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට සහ උතුරු ඩකෝටා යන ප්‍රාන්තවලටත් ඉන් බලපෑම් සිදුව තිබේ.

ඇතැම් ප්‍රදේශවලදී කුණාටුව පැයට සැතපුම් 70ක පමණ වේගයකින් හමා ගිය බව එරට කාලගුණ වාර්තා සඳහන් කළේය.

කුණාටුව මධ්‍යයේ විදුලි කණු කඩාවැටීම් කිහිපයක් සිදුවූ අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලි ඇණහිට තිබූ බවද වාර්තා වනවා.

අයහපත් කාලගුණයේ බලපෑමෙන් ගුවන් ගමන් වාර රැසක්ද අවලංගු කර ඇති අතර අනෙකුත් ප්‍රවාහන කටයුතු වලටත් බාධා මතුවී තිබුණි.

කෙසේ නමුත් මේ වන විට කුණාටුවේ ප්‍රබලත්වය පහල බසිමින් ඇති අතර කැනඩාවේ ගිනිකොනදිග ප්‍රදේශයට ගමන් කරමින් ඇති බව කාලගුණ වාර්තා සඳහන් කළේය.