ඊශ්‍රායලයෙන් පළමු වරට යැවු අභ්‍යවකාශ යානය සඳ මතට කඩා වැටෙයි
සයුරෙන් එතෙර

ඊශ්‍රායලයෙන් පළමු වරට යැවු අභ්‍යවකාශ යානය සඳ මතට කඩා වැටෙයි

April 12, 2019   08:49 am

චන්ද්‍රයාගේ නවමු තොරතුරු සොයා සිදුකළ පළමු පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වී තිබේ.

ඒ එම මෙහෙයුම සඳහා යැවූ අභ්‍යවකාශ යානය සඳ මතට කඩාවැටීම හේතුවෙන්.

බෙරෙෂීට් නමැති මෙම යානය ඊශ්‍රායලයෙන් අභ්‍යවකාශ ගත කර තිබුණේ මීට සති හතකට පමණ පෙරදීයි.

ඉකුත් සතියේදී එය චන්ද්‍රයාගේ ගුරුත්වයට ඇතුල් වීමට පෙර පෘථිවිය කක්ෂය වටා ගමන් කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

මිනිසුන් රහිත රොබෝ යානයක් වන එය සඳ මතට ගොඩබෑමේ අවසන් අදියරේදී කඩාවැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

තාක්ෂණිද දෝෂ කිහිපයක් හේතුවෙන් එය මෙලෙස කඩා වැටුණු බව යානය අභ්‍යවකාශ ගතකළ කණ්ඩායම පැවසීය.

මෙම මෙහෙයුම සාර්ථක වුණේ නම් චන්ද්‍රයා මතුපිටට යානයක් ගොඩබැස්වූ සිව්වන රට මෙන්ම පෞද්ගලික මට්ටමින් එම මෙහෙයුම සිදුකල පළමු රට බවට ඊශ්‍රායලය පත්වෙයි.

මේ වන විට චන්ද්‍රයා මතට සාර්ථක ලෙස අභ්‍යවකාශ යානා ගොඩබැස්වීමට සමත්ව තිබෙන්නේ රාජ්‍ය මට්ටමින් සෝවියට් සංගමය, අමෙරිකාව සහ චීනය පමණයි.