දෝණිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක්

දෝණිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක්

April 12, 2019   08:26 am

‍විනිසුරුවරුන්ගේ තීරණයකට මැදිහත් වීම හේතුවෙන් මහේන්ද්‍ර සිං දෝණිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් පැණවීමට තීරණය කර තිබේ.

ඊයේ(11) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයේ අවසන් පන්දුවාරයේ විනිසුරුවරයා නිපන්දුවන් සංඥා නොකිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරමින් දෝණි ක්‍රීඩා පිටියට පිවිසීම එම දඩුවමට හේතුවී තිබේ.

එම තරඟයේදී රාජස්ථාන් රෝයලස් කණ්ඩායම ලබා ගත් ලකුණු 151කට පිළිතුරු වශයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 06ක් පමණක් දැවී ජයග්‍රහණය අත් කර ගත්තේය.

අවසන් පන්දුවාරයේදී ඔවුන්ට ලකුණූ 18ක් ලබා ගත යුතු වුවද එම පන්දුවාරයේදී ලකුණු 23ක් ලබා ගැනීමට චෙන්නායි පිතිකරුවන් සමත් විය.