තුන්කොන් දැල් පන්දු තරගාවලියේ ජය මැලේසියාවට

තුන්කොන් දැල් පන්දු තරගාවලියේ ජය මැලේසියාවට

April 11, 2019   04:54 pm

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන තුන්කොන් දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සහභාගී වු දෙවන තරගය මැලේසියාව හමුවේ පරාජයට පත් වීමට සිදු විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු කාර්තුවේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර එම කාර්තුව අවසන් වුණේ ලකුණු 11ට 9ක් ලෙස ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් තබමින්.

දෙවන කාර්තුව වන විට මැලේසියානු ක්‍රීඩිකාවන් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වු අතර එම කාර්තුව අවසන් වුණේ ලකුණු 22ට 22ක් ලෙස සම තත්ත්වයෙන්.

තෙවන කාර්තු ලකුණු 30ට 34ක් ලෙස ජය ගත් මැලේසියානු කණ්ඩායම තරගය අවසන් වන විට ලකුණු 47ට 39ක් ලෙස තරගය ජය ගැනීමට සමත් විය.

ඒ අනුව මෙවර සිව්කොන් දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට මැලේසියානු දැල්පන්දු කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය.