යතුරුපැදිකරුවෙකුට මරු කැඳවූ තවත් අනතුරක්

යතුරුපැදිකරුවෙකුට මරු කැඳවූ තවත් අනතුරක්

March 14, 2019   10:18 pm

මුන්දලම පොලිස් වසමේ පෑලියගොඩ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය පොලිස් මුරපොළ ඉදිරිපිට දී කාර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදියේ සිටි පුද්ගලයා මියගොස් ඇත.

අද(14) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 56ක් වූ කිරතිසිංහගම, මදුරංකුලම පදිංචි අයෙකි.

අනතුර සම්බන්ධව කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මුන්දලම පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.