ශ්‍රීලනිපයෙන් තමන්ව සම්පූර්ණයෙන් කපාහැර ඇතැයි චන්ද්‍රිකා පවසයි

ශ්‍රීලනිපයෙන් තමන්ව සම්පූර්ණයෙන් කපාහැර ඇතැයි චන්ද්‍රිකා පවසයි

March 14, 2019   07:19 pm

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම්පූර්ණයෙන් කපාහැර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා සිටියි.

හොරුන්ට, මිනීමරුවන්ට හා නීති විරෝධී වැඩ වලට තමන් විරුද්ධ බැවින් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් කොට ඇති බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා සිටියි.

විපක්ෂයේ පුළුල් සන්ධානය ගොඩනැගීම සඳහා පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අද (14) පැවැති උත්සවයකින් අනතුරුව එතුමිය මෙලෙස මාධ්‍යවෙත අදහස් පළ කළේය.

නව පක්ෂයක් ගොඩනංවන්නේදැයි එහිදී මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය ප්‍රකාශ කර සිටියේ එසේ කිසිදු පක්ෂයක් ගොඩනඟන්නේ නොමැති බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත්ය.