ලෝකයේම අවධානය යොමු වූ ෆේස්බුක් බිඳවැටීම
සයුරෙන් එතෙර

ලෝකයේම අවධානය යොමු වූ ෆේස්බුක් බිඳවැටීම

March 14, 2019   03:44 pm

ඉතිහාසයේ බරපතළම බිඳවැටීමට මුහුණදීමට ෆේස්බුක් වෙබ් අඩවියට පසුගියදා සිදුවුණි.

ඒ අනුව ලොව පුරා ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය සහ එහි අනුබද්ධ වෙබ් අඩවි භාවිත කරන බිලියන සංඛ්‍යාත පරිශීලකයන් දැඩි අපහසුතාවට මුහුණදුන් බවට වාර්තා වෙයි.

වර්තමානය වන විට ‍ලෝකය පුරා මාසිකව ෆේස්බුක් සමාජ අඩවිය භාවිත කරන පරිශීලකයන් ප්‍රමාණය බිලියන 2.3ක් බවට වාර්තා වෙයි.

‍ෆේස්බුක් අඩවියට අමතරව එහි අනුබද්ධ සමාජ අඩවි වන මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් යන වෙබ් අඩවිය ද බිඳ වැටී තිබුණි.

වෙබ් අඩවිවලට පිවිසීමට නොහැකි වීමෙන් පරිශීලකයන් දැඩි අපහසුතාවට පත් වූ බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණි.

මේ අතර මතුවූ දෝෂය හඳුනාගැනීමට නොහැකි වුවත් පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කරගැනීමට හැකිවූ බව නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් ආයතනය සඳහන් කළේය.

ග්‍රිනීච් වෙලාවෙන් පසුගිය බදාදා පස්වරු 4ට පමණ ආරම්භ වූ එම දෝෂයේ වැඩි බලපෑම අමෙරිකාව, කැනඩාව සහ යුරෝපානු රටවල් වලට එල්ල වුණි.

මේ අතර මීළග අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකත්ව සටනට ඉදිරිපත් වූ එලිසබත් වොරන්ද ෆේස් බුක් බිඳ වැටීම පිළිබද ප්‍රකාශයක් නිකුත් කර ඇත.

රාජ්‍ය පාලනය තමන්ට රිසිසේ පත්කර ගැනීමට සමාජ මාධ්‍ය ඇතුලු දැවැන්ත තාක්ෂණ ආයතන ගන්නා උත්සාහය වහා නැවැත්විය යුතු බවට ඇය එහිදී පෙන්වා දී තිබුණි.

සිය මූල්‍ය ශක්තිය භාවිත කරමින් අනෙකුත් තරගකාරී ආයතය අත්පත් කරගැනීමට එවන් සමාගම් ගන්නා උත්සාහයද ඇය මෙහිදී විවේචනය කළේය.

ඉන් ෆේස්බුක් සමාගම වෙත සියුම් තරවටුවක්ද සිදුකර ඇති බව විදෙස් විචාරකයන් වැඩිදුරටත් පවසා සිටියි.