තමන්ගේම පාසලට ප්‍රහාරයක් එල්ල කර සියදිවි නසාගත් ආදි සිසුන් දෙදෙනෙක්
සයුරෙන් එතෙර

තමන්ගේම පාසලට ප්‍රහාරයක් එල්ල කර සියදිවි නසාගත් ආදි සිසුන් දෙදෙනෙක්

March 14, 2019   03:20 pm

බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් 20කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවඅ වාර්තා වෙයි.

වෙඩි තැබීමෙන් අනතුරුව ප්‍රහාරකයින්ද දිවි හානි කරගෙන ඇත.

බ්‍රසීලයේ සාඕ පවුලෝ හි රාවුල් බ්‍රසිල් පාසල අසළ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

එහිදී මියගිය පිරිස අතරට පාසල් සිසුන් ද අයත් බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීම සඳහා සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇති අතර ඔවුන් සතුව ගිනි අවි සහ තියුණු ආයුධ තිබී ඇති බවත් වාර්තා වෙයි.

අදාළ අවස්ථාවේ කලබලයට පත් සිසුන් හිස් ලූ ලූ අත දිවයාමට පටන්ගෙන ඇති අතර එම අවස්ථාවේ එහි තෙරපීමක්ද හටගෙන ඇත.

සිදුවීමත් සමඟ පාසලට බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සාමාජිකයින් යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ අදාළ පාසලේ ආදී ශිෂ්‍යයින් දෙදෙනෙක් බවත් ඔවුන් ඒ සඳහා වසරක පමණ කාලයක් සිට සැළසුම් කර ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.