ඔස්ට්‍රේලියාව එක්දින තරගාවලියේ ජය ගනී

ඔස්ට්‍රේලියාව එක්දින තරගාවලියේ ජය ගනී

March 14, 2019   08:58 am

ඉන්දීයාවට එරෙහි එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ(13) පැවැති පස්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 35කින් ජයග්‍රහණය කිරීමත් සමගයි.

දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් බිද වැටී ලකුණූ 272ක් ලබා ගත්තේය.

එහිදී ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් උස්මාන් කවාජා 06 පහර දෙකක් සහ 04 පහර 10ක් සමඟින් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු ක්‍රිඩකයින් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 237ක් පමණයි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණූ 56ක් සහ බුවනේෂ්වර් කුමාර් ලකුණු 46ක් ලබා ගැනිමට සමත් වුණි.