මලාවි රාජ්‍යයේ අයහපත් කාළගුණයෙන් 30ක් ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

මලාවි රාජ්‍යයේ අයහපත් කාළගුණයෙන් 30ක් ජීවිතක්ෂයට

March 13, 2019   02:08 pm

මලාවි රාජ්‍යයේ දකුණුදිග ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇත.

දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ හටගත් ගං වතුර හා නාය යෑම් හේතුවෙන් තවත් පුද්ගලයින් සියයක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව ඇති අතර 6000කට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇති බව සඳහන්ය.

ඉදිරි දින කිහිපය තුළ ද වර්ෂාපතනයේ වර්ධනයක් ඇති විය හැකි බව එරට කාලගුණ අංශ අණාවැකි පල කර ඇත.