ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද තරගය බිමට-කුසල්ට අද තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද තරගය බිමට-කුසල්ට අද තරගය අහිමි වෙයි

March 13, 2019   09:23 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ සිව්වන තරගය අද(13) පෝට්එළිසබත්හීදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු එක්දින තරගය කඩුලු 8කින් ජය ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන තරගය ද ලකුණු 113කින් ජය ගැනීමට සමත් වුණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම තුන්වන එක්දින තරගයත් ඩක්වත් ලුවිස් න්‍යාවට අනුව ලකුණු 71කින් ජය ගත්තේ  තරගාවලියේ ජය 3ට 0ක් ලෙස තමන් සතු කරගනිමිනි.

අද තරග දිවා රාත්‍රී තරගයක් ලෙස පෝට්එළිසබත් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වර 4යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර නිමා වු තුන්වන එක්දින ක්‍රිකට් තරගය අතරතුර ආබාධයකට ලක්වීම නිසා කුසල් ජනිත් පෙරේරා සති 5ක පමණ කාලයක් විවේක ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.