සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්ථානය  අතර පැවැත්වීමට තිබූ එක්දින තරඟාවලිය අත්හිටුවයි

සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්ථානය  අතර පැවැත්වීමට තිබූ එක්දින තරඟාවලිය අත්හිටුවයි

March 12, 2019   10:49 am

සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වීමට යෝජනා වී තිබූ එක්දින තරඟාවලිය අත්හිටුවීමට තීරණය කර ඇත.

අදාල යෝජනාව පිළිබඳ දෙරටේ ක්‍රිකට් ආයතනය අතර එකඟතාවකට පැමිණිමට නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වන්නේය.

ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සූදානම් වීමේ අරමුණින් එක්දින තරඟ 05 කින් සමන්විත මෙම තරඟාවලිය ලබන මාසයේ සිම්බාබ්වේ හිදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් තරඟාවලියේ විකාශන කටයුතු හා මූල්‍යමය තත්ත්වයන් පිළිබඳ එකඟතාවකට පැමිණිමට නොහැකි වීම හේතුවෙන් මෙම තරඟාවලිය අත්හිටුවීමට තීරණය කර ඇත්තේය.