අප්‍රිකානු සංගමයේ 32 වන සමුළුව ඇරඹෙයි
සයුරෙන් එතෙර

අප්‍රිකානු සංගමයේ 32 වන සමුළුව ඇරඹෙයි

February 11, 2019   04:20 pm

අප්‍රිකානු සංගමයේ 32වන සමුළුව ඊයේ ආරම්භ විය.

සමුළුව පැවැත්වෙන්නේ  ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරදීයි.

පසුගිය වසර සඳහා අප්‍රිකානු සංගමයේ සභාපතිත්වය දැරූ රුවන්ඩාවේ ජනාධිපති පෝල් කැගාමේගේ ධුර කාලය අවසන් වීමත් සමඟ නව සභාපතිවරයා ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසී තෝරා පත් කරගෙන තිබේ.

ආරක්ෂාව, සහයෝගිතාව, බලහත්කාරයෙන් අවතැන්භාවයට පත්කිරීම වැනි කලාපීය ගැටළු රැසක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

අප්‍රිකානු සංගමය 2019 වර්ෂය නම්කර තිබෙන්නේ සරණාගතයින්ගේ, ආපසු පැමිණි අයගේ සහ අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන්ගේ වර්ෂය ලෙසයි.

ලොව අවතැන් පිරිසෙන් තුනෙන් එකක් අප්‍රිකානු රටවලට අයත් බව සමුළුවේ ආරම්භක සැසිය අමතමින් ජගත් සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

ඔවුන් සඳහා සිය දේශ සීමා විවර කිරීම පිළිබඳව සෙසු මහද්වීපවලට අයත් රටවල නායකයින්ට ඔහු සිය ස්තූතිය පුදකර ඇතැයිද සඳහන්.

මෙම සමුළුව අදින් අවසන් වීමට නියමිතයි.