සතියක් පුරා ඇවිලෙන ගිනි
සයුරෙන් එතෙර

සතියක් පුරා ඇවිලෙන ගිනි

February 11, 2019   04:07 pm

නවසීලන්ත දකුණු දූපතේ පිහිටි නෙල්සන් නගරයේ පිජන් වැලී ප්‍රදේශයේ ලැව් ගින්න හටගෙන මේ වන විට සතියක පමණ කාලයක් ගතවී තිබේ.

ගින්න තවමත් සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර ඒ හේතුවෙන් තුන්දහසක පමණ පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

තවත් බොහෝ පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවද සඳහන් වෙයි.

ප්‍රදේශයේ පවතින තද සුළඟ හේතුවෙන් ගින්න පාලනය කිරීම දුෂ්කරවී තිබේ.

ගිනි නිවීමේ සේවා සඳහා හෙලිකොප්ටර් යානා 23ක් සහ ගුවන් යානා කිහිපයක්ද යොදවා ඇති අතර එරට ඉතිහාසයේ විශාලතම ගිනි නිවීමේ ගුවන් මෙහෙයුමද එයයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම ස්වෙච්ඡා සේවකයන්ගේ සහායද හිමිව ඇති බව එරට වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.