එජාපයට නව ආසන සංවිධායකවරු 6ක් පත්වෙයි

එජාපයට නව ආසන සංවිධායකවරු 6ක් පත්වෙයි

February 11, 2019   01:30 pm

එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකවරුන් 06 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය අද (11) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කර තිබේ.

මෙහිදී ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායක ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව සංවිධායක ලෙසත්, ලලිත් දිසානායක මහතා අරනායක නව සංවිධායකවරයා ලෙසත්, තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර ආසන සංවිධායක ලෙසත්, මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත්, ඩී. එම්. යූ. බී. විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කර ඇත.

මෙම අවස්ථාවට සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥාණාලෝක නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ආගමික නායක තුමන්ලාද, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධ්‍යාපන අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,  යන මහත්වරුන්ද එක්වී සිටියහ.