ජීවිතයක් අහිමි කළ තිදරු පියා වසර 19කට පසුව පෝරකයට තීන්දුයි

ජීවිතයක් අහිමි කළ තිදරු පියා වසර 19කට පසුව පෝරකයට තීන්දුයි

February 11, 2019   12:56 pm

2000 වසරේ කැලණිය ,බොල්ලෑගල,  ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරද කර කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් නියම කරන ලැබුවා.

කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස මරණ දණ්ඩනය හිමිව තිබේ.

2000 ජනවාරි මස 22 දා කැලණිය, බොල්ලෑගල ප්‍රදේශයේ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

ඉන් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ විනිසුරුවරයා අනෙක් විත්තිකරු වරදකරු කරන බවට තීන්දු කළේය.

ඉන් අනතුරුව ඔහුට මෙම මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කළේය.