මරණ දණ්ඩනය ඉක්මන් වෙන ලකුණු-වදකයින්ට අයඳුම්පත් කැඳවයි

මරණ දණ්ඩනය ඉක්මන් වෙන ලකුණු-වදකයින්ට අයඳුම්පත් කැඳවයි

February 11, 2019   12:37 pm

මරණ දඩුවම සඳහා නැවත එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට වදකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා අද (11) සිට අයදුම් පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම තනතුර සඳහා වයස අවුරුදු 18ත් 45ත් අතර වයසේ පසුවන සම්මාන දෙකක් සහිතව විෂයන් 06කින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව වු පුද්ගලයින් හට අයඳුම් කළහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
 
එම අයඳුම් පත් පෙබරවාරි මස 25 වන දිනට පෙර “බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මුලස්ථානය, අංක150, බේස්ලයින් පාර, කොළඹ 09”යන ලිපිනයට යොමු කළ යුතු වේ.     

එමෙන්ම ඒල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සඳහා වන තාක්ෂණික විමර්ශනයන්ද මේ වනවිට සොයා බැලීම බන්ධනාගාර නිළධාරීන් විසින් සිදුකරනු ලබන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර අවස්ථා දෙකකදි වදක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබුවේය.

ඒ අනුව  පෙර  අවස්ථාවල එම තනතුරු සඳහා බඳවා ගෙන සිටි සේවකයින් දෙදෙනා සේවය අතහැර යාම නිසා නැවත වදක තනතුරු පුරප්පාඩුව පවතින බව වාර්තා වන්නේය.