මාකෙලිය ඇල්ලේ දී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

මාකෙලිය ඇල්ලේ දී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

February 11, 2019   12:23 pm

බදුරලිය, මෝල්කාව මාකෙලි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්ව තරුණයාගේ සිරුර සොයා ගත් බව අද දෙරණ වාර්තාතකරු පවසයි.

ඊයේ(10) මාකෙලි ඇල්ලේ දිය නෑමට ගොස් මෙම තරුණයා අතුදහන් වූ අතර බදුරලිය පොලීසිය පැවසූවේ වර්ෂාව හේතුවෙන් මාකිලි දොලේ ජල පහර සැර වීම නිසා මල සිරුර සෙවීමට ඊයේ දින අපොහොසත් වූ බවයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වන්නි ආරච්චිගේ උදායි සුදර්ශන ෆොන්සේකා නම් තරුණයෙකු බවත් ඔහු මොරටුව නගරසභාවේ සේවකයෙකු බවත් පොලීසිය පවසයි.

විවාහ වී හයමසක් වු සුදර්ශන පසුගිය 09 දා දින තම බිරිදයේ උපන්දිනය වෙනුවෙන් නිවසේදි සාදයක් පවත්වා ඊයේ(10) තවත් මිතුරන් තීදෙනෙකු සමඟ පාලින්දනුවර මෝල්රිකාව මාකිළි ඇල්ල නැරබීම සදහා ත්‍රී රෝද රථයකින් පැමිණි ඇති බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ඔවුන්  සමඟ මාකෙළි ඇල්ලට යාම සඳහා සුදානම්වන අවස්තාවේදි එම ස්ථානයේ රථ ගාල බාරව සිටි පුද්ගලයා එහි නොයන ලෙසත් වැස්න්ස සමඟ ජලය වැඩි වන බැවින් ජීවිත අවදානම පිළිබඳ දැනුවත් කර ඇත.

පසුව ඔවුන් ඇල්ලට ඉහළින් ඇති බිසෝවලනම් වූ ස්ථානයේ දිය නාමින් සිටියදී අදාළ පුද්ගලයා දියේ ගිලි අතුරුදන් වී ඇති බවට බදුරලිය පොලීසියට දැනුම්දී තිබේ.  

එහිදි  සිද්ධිය වූ  ස්ථානයට ගිය  බදුරලිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වනිගතුංග මහතා අතුරුදහන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාව කැඳවීමට සහ අවශ්‍ය අනෙකුත්  පියවර ගැනීම සඳහා කටයුතු යොදන ලදී.

මේ දින වල පවතින වර්ෂාවත් සමඟ මාකෙලිය ඇල්ල වඩාත් සක්‍රීය වීමෙන් දිය නෑමේදී විශාල අවදානමක් තියෙන බව ප්‍රදේශවාසීහු ද පෙන්වා දෙන අතර මීට පෙර මෙම ස්ථානයේ ජීවිත 40ක් බිලිවි ඇති බව පවසනයි.

විමර්ශනයේදි හෙළිවී ඇතිතේ මෙම පිරිස අතර සිටි අයෙකු දියේ ගසාගෙන යද්දී ඔහු බේරාගැනීමට උත්සාහ කිරීමේදී  මෙම තරුණයා දියේ ගිලී අතුරුදහන් වී ඇති බවයි.