ඉන්දීයාව පරදා නවසීලන්තය 20යි 20 තරගාවලියේ ජය හිමි කර ගනී

ඉන්දීයාව පරදා නවසීලන්තය 20යි 20 තරගාවලියේ ජය හිමි කර ගනී

February 11, 2019   12:10 pm

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක් නවසීලන්තය හිමි කර ගැනීමත් සමඟයි.

තරගාවලියේ ජය හිමි කර ගැනීම වෙනුවෙන් දෙපිලටම තරගයේ ජය වැදගත් වු අතර එම තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය පිල ප්‍රතමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව නවසීලන්ත පිල වෙනුවෙන් පිතිකරුවන් තම වගකීම උපරිම ලෙස කණ්ඩායමට ඉටු කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 80ක සබඳතාවක් ගොඩ නැගුවේය.

ඉන්පසු පිටියට පිවිසි සෑම පිතිකරුවෙක්ද මනාව ඉන්දීය පන්දු යවන්නන් පාලනය කරගනිමින් පන්දුවට පහර දුන්නේය.

නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවි ලකුණු 212ක් රැස් කරගත්තේය.

කොලින් මුන්රෝ පන්දු 40කදී හතරේ පහර සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 72ක් රැස් කර ගැනීමට සමත් විය.

ලකුණු 213ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි රැස් කර ගත හැකි වුයේ  ලකුණු 208ක් පමණයි.

විජය ශන්කර් ලකුණු 43 ක් රැස් කළ අතර රෝහිත් ශර්මා ලකුණු 38ක් රැස් කළේය.

ඒ අනුව අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුනේ තරගාවලියේ ජය හිමි කරගනිමින්.