දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට රුසියාවේ විරෝධතා
සයුරෙන් එතෙර

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට රුසියාවේ විරෝධතා

February 11, 2019   10:51 am

දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා රුසියාවේ මොස්කව් සහ සෙන්ට් පීටස්බර්ග් නගරවලදී විරෝධතා පැවැත් විය.

නිවාස අඩස්සියේ පසුවන දේශපාලන ක්‍රියාකාරිනියකගේ දියණියක් මියයෑමේ සිදුවීමක් මුල්කරගනිමින් මෙම විරෝධතා ආරම්භ කර තිබේ.

විරෝධතා සඳහා බොහෝ පිරිසක් සහභාගිවී සිටි බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

රුසියාව මුළුමණින්ම පාහේ කෘෘරත්වයට හැරෙමින් සිටින බවට ඔවුන් එහිදී චෝදනා කර ඇත.

විරෝධතා අතරතුරදී පොලිසිය සමඟ ගැටුම්ද හටගෙන තිබේ.

සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ පැවති විරෝධතාවට සහභාගිවී සිටි පුද්ගලයින් හත් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.